ග්‍රීක ශිෂ්ටාචාරය ( Ancient Greek Civilization )


පුරාණ ග්‍රීසිය - පලමු කොටස 

පුරාණ ග්‍රීසිය යනු මීට වසර දහස් ගණනකට පෙර මධ්‍යධරණී ප්‍රදේශය පාලනය කළ ශිෂ්ඨාචාරයක් විය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ එහි උච්චතම අවස්ථාව විය. එකල ග්‍රීසිය යුරෝපයේ හා බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේය. ග්‍රීකවරුන් රෝමවරුන්ට පෙර බලවත්ව පැවති අතර රෝම සංස්කෘතියේ බොහෝ ලක්ෂණ ඔවුන් ග්‍රීකයන්ගෙන් ලබාගත් ඒවා විය.

ඉතිහාසඥයන් පුරාණ ග්‍රීසියෙහි ඉතිහාසය කොටස් තුනකට බෙදා දක්වන ලදි. 

1. Archaic Period - ක්‍රි.පූ. 800 දී ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවීමේ සිට ක්‍රි.පූ. 508 දී ප්‍රජාතන්ත්රවාදය හඳුන්වාදීම දක්වා වූ කාල පරාසය මිට අයත් වේ . ඔලිම්පික් උළෙලේ ආරම්භය හා හෝමර්ගේ ඔඩිසියස් සහ ඉලියඩ් කෘතීන් මෙකල බිහිවිය.

2. Classical Period - පුරාණ ග්‍රීසිය ගැන කතා කරන විට බොහෝ විට සලකනුයේ මෙම කාලය ගැනය. ඇතැන්ස්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වීමත් සොක්‍රටීස් හා ප්ලේටෝ වැනි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ගේ පහල වීමත් මෙකල සිදුවිය. එසේම ස්පාටා සහ ඇතන්ස් අතර යුධ ගැටුම් ද මේ අවධියේදී සිදුවිය. ක්‍රි.පූ. 323 දී මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමග මෙම කාලය අවසන් විය.


3. Hellenistic Period - මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් ක්‍රි.පූ. 146 දී රෝමය විසින් ග්‍රීසිය යටත් කර ගැනීමත් අතර අවසාන කාල පාරිච්චේදය මිට අයත් වේ 

බටහිරින් අයෝනියන් මුහුදටත් නැගෙනහිරින් ඊජියන් මුහුදටත් මැදිව මධ්‍යධරණී මුහුදට නෙරා පිහිටි අර්ධද්වීපය සහ ඊට දකුණින් ඇති ක්‍රීට දුපත ඇතුළු දුපත් සමුහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහිවිය. මෙම ශිෂ්ටාචාරයට අයත් දුපත් අතරින් විශාලතම් දුපත ක්‍රීට දිවයින වේ.



ග්‍රීක ශිෂ්ටාචාරය අරම්භ වීමට පෙර ක්‍රීට දිවයින මුල් කරගෙන පැරණි ශිෂ්ටාචාරයක් පැවතුනි.එය මිනොවන් ශිෂ්ටාචාරය ලෙස හැඳින්වේ.

අවට ප්‍රදේශවලින් විවිධ ජන කණ්ඩායම් පැමිණීම නිසා මිනොවන් ශිෂ්ටාචාරය පරිහානියට පත්විය.එසේ පැමිණි ජන කොටස් ඉන්දු යුරෝපියානු ජන කණ්ඩායම් ලෙස සැලකේ.එම ගෝත්‍ර සහ
ජන කොටස් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ක්‍රි.පු 2000 පමණ වන විට ග්‍රීක ශිෂ්ටාචාරය ඇරඹිණි.   

ඉහත සඳහන් කල විවිධ ගෝත්‍ර සහ ජන කොටස් පිහිට වූ ගම් දියුණු වී නගර බිහිවිය. මෙසේ දියුණු වූ නගර ආශ්‍රිතව ක්‍රි.පු 700 පමණ වන විට නගර රාජ්‍යය (City-states) රැසක් බිහි විය. මෙම නගර රාජ්‍ය ක්‍රමය පෞර රාජ්‍ය ලෙස හැඳින්වුණු අතර



පුරාණ ග්‍රීසියේ බොහෝ ප්‍රදේශ පාලනය කළ ප්‍රධාන නගර දෙකක්  වූයේ  ඇතන්ස්(Athens) සහ ස්පාටා(Sparta) ය. ඔවුන් බොහෝ විට විරුද්ධවාදීන් ලෙස එකිනෙකා සමග සටන් කළහ. ග්‍රීක ඉතිහාසයේ සඳහන් වන පෙලොපොනේසියානු යුද්ධ (Peloponnesian wars) ලෙස හඳුන්වන්නේ මෙම නගර දෙක අතර වසර ගණනක් පුරා පැවති යුද්ධයයි. තවත් අවස්ථාවල දී ඔවුන් විදේශ ආක්‍රමණිකයන්ගෙන් ග්‍රීක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ විය.

නගර දෙකේ සංස්කෘතිය බෙහෙවින් වෙනස් විය. ස්පාටා වැසියන් යුද්ධය හා සටන් ක්‍රම පුරුදු පුහුණු කිරීමට මුලුමනින්ම පාහේ අවධානය යොමු කරන ලද අතර ඇතන්ස් වැසියන් කලාව සහ ඉගෙනුමට මුල් තැන දෙන ලදී.


ඇතන්ස් වැසියන්


ස්පාටා වැසියන්
ඊට අමතරව කොරින්ත්(Corinth),තෙබිස් (Thebes), ආර්ගෝස් (Argos), ඩෙල්ෆි (Delphi),රෝඩ්ස් (Rhodes) යන නගර රාජ්‍යය ද පැවතුනි. එම නගර රාජ්‍යය එකිනෙකාගෙන් වෙනස් ව පාලනය විය. මෙම රාජ්‍ය අතර ද වරින්වර සටන් ඇතිවිය.

නිරන්තර අභ්‍යන්තර  යුද්ධයන් හේතුවෙන්  කලක් බලවත්ව පැවති ස්පාටා, ඇතන්ස්, තීබ්ස් සහ කොරින්තියේ ආදී  රාජ්යයන් දුර්වල විය. මේ අතර ක්‍රි.පූ.338 දී උතුරු මැසිඩෝනියාවේ (උතුරු ග්‍රීසියේ) දෙවන පිලිප් බලයට පත්වූ අතර ඔහු ආක්‍රමණ මගින් ඇතන්ස්, තීබ්ස් ඇතුළු බොහෝ රාජ්‍යයන් යටත් කර ගත්තේය. ඔහුගේ මරණින් පසු රජ වූ මහා ඇලෙක්සැන්ඩර් ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා ඊජිප්තුව ද ඇතුළුව තම අධිරාජ්‍යය ව්‍යාප්ත කිරිය.



මහා ඇලෙක්සැන්ඩර් ගේ මියයාමත් සමග ඔහු සතුව පැවතී අධිරාජ්‍යය ඔහුගේ සෙනෙවියන් අතර බෙදී ගියේය. ඉතා සුළු කලකදීම මෙම නව බෙදීම් අතර  සටන් ආරම්භ විය. 

මෙලෙස ග්‍රීකයන් පිරිහීමත් සමග ඉතාලියේ නව රෝමානු ශිෂ්ටාචාරය බලවත් වන්නට විය. කෙසේ හෝ බලවත් රෝමය ක්‍රි.පූ. 215 දී මැසිඩෝනියාව යටත් කර ගනිමින් ආරම්භ කල සටන තවත් වසර ගණනක දරුණු යුද්ධයන්ගෙන් පසුව අවසානයේ ක්‍රි.පූ 146 දී කොරින්ත් යටත් කර ගැනීමත් සමග අවසන් විය. ග්‍රීසිය සම්පුරණයෙන්ම රෝම අධිරාජ්‍යයට නතු විය 

අද බටහිර සංස්කෘතියේ පදනම බවට පත්ව ඇත්තේ පුරාණ ග්‍රීසියයි. ආණ්ඩුක්‍රමය, දර්ශනය, විද්‍යාව, ගණිතය, කලාව, සාහිත්‍යය මෙන්ම ක්‍රීඩාවට ද පදනම් වැටුනේ පුරාණ ග්‍රීසියෙනි.

ලොව ශ්‍රේෂ්ට පුද්ගලයන් රැසක් ඉපැරණි ග්‍රීසියෙන් බිහිවී ඇත . ඒ  අතර දාර්ශනිකයන් වන සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කවීන් වන ඊසොප්, හෙසියොඩ්,හෝමර්, ඉතිහාසඥයන් වන හෙරෝඩෝටස්  , විද්‍යාඥයන් වන ආකිමිඩිස්,යුක්ලීඩ්,හිපොක්‍රොටිස්,පයිතගරස් කැපී පෙනෙන පුද්ගලයන් වේ.ග්‍රීක ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ට නායකයන් ලෙස මහා ඇලෙක්සැන්ඩර්, ක්ලෙයිස්ටර්න්, ඩෙමොස්තිනස්, ඩරෙකෝ, පෙරිකල්ස් ආදීන් හදුන්වා දිය හැක     
Athens and Sparta

Read more at: http://www.ducksters.com/history/ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permission.
Alexander the Great

Read more at: http://www.ducksters.com/history/ancient_greece/decline_and_fall_of_ancient_greece.php
This text is Copyright © Ducksters. Do not use without permissio

0 comments:

Post a Comment