සෞරග්‍රහ මණ්ඩලය ( The Solar System )

සූර්යයා , ග්‍රහලෝක ,ක්ෂුද්‍ර ග්‍රහයන් සහ සූර්යයා වටා සැරිසරන සියලුම අකාශ  වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ.
සෞරග්‍රහ  මණ්ඩලයේ මාධ්‍යය ලක්ෂය වන්නේ සූර්යයායි.

අපේ සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක අටකින් සමන්විත වේ. සූර්යයාට කිට්ටුම ග්‍රහයාගෙන් පටන්ගතහොත් පිලිවෙලින් බුධ (Mercury), සිකුරු (Venus), පෘතුවි (Earth), අඟහරු (Mars), බ්‍රහස්පති (Jupiter) , සෙනසුරු (Saturn), යුරේනස් (Uranus), නෙප්චූන් (Neptune) යන ග්‍රහයින් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.

සූර්යාට කිට්ටුම ග්‍රහයින් හතර වන බුධ ,සිකුරු, පෘතුවි හා අඟහරු භෞමික ග්‍රහයින් වේ.එනම් ඒවායෙහි ඉතා තද ගල් සහිත පෘෂ්ටයක් පවතී.

සූර්යාට දුරින් පිහිටි ග්‍රහයන් හතර වන බ්‍රහස්පති,සෙනසුරු, නෙප්චූන් හා යුරේනස්  වායු දැවැන්තයින් ලෙස සැලකේ. ඒවායෙහි මතුපිට විෂ වායු අංශු පවතින අතර ඉන් බොහොමයක් හයිඩ්‍රජන් වායුව වේ.

අනෙකුත් අකාශ  වස්තූන්

සූර්යයා හා ග්‍රහලෝක අට හැරුනුකොට වෙනත්  ආකාශ වස්තූන් ද සෞරග්‍රහ මණ්ඩලයට අයත්වේ.

Dwarf planets (ක්ෂුද්‍ර ග්‍රහලෝක)

මේවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලටම සමානකමක් ඇති ආකාශ වස්තූන් වන අතර ප්‍රමාණයෙන් ඉතාමත් කුඩාද වේ.සෞරග්‍රහ  මණ්ඩලයේ ඇති ක්ෂුද්‍ර  ග්‍රහලෝක අතර Pluto, Ceres, Eris, Haumea, and Makemake  ප්‍රධාන වේ.



Comets (වල්ගා තරු) 

සූර්යයා වට කක්ෂීය වන වල්ගා තරු සැදී ඇත්තේ අයිස්, දුවිලි සහ පාෂාණ කැබලි වලිනි.එහි වලිගයක් දකින්නට ලැබෙන අතර එය සූර්ය විකිරණ වලින් පිටවන වායු වලින් සැදී ඇත. වල්ගා තරුවල පැවතෙන්නේ  Kuiper belt සහ Oort cloud මගිනි.

 
Asteroid belt (ග්‍රහාංශ කලාපය) 

අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර මෙය පවතී.මෙම කලාපය තුල දහස් ගණන් පාෂාණ කැබලි සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතී. මේවා දුවිලි අංශු ලෙස 'Ceres' ක්ෂුද්‍ර ග්‍රහයා දක්වා පැතිරේ.

 


Kuiper belt 

මෙය කුඩා අකාශ වස්තූන් දසදහස් ගණනකින් සමන්විත කලාපයක් වන අතර කක්ෂයෙන් පිටත මෙම කලාපය පිහිටයි. අයිස් ,වතුර,ඇමෝනියා සහ මීතේන් වායු වලින් මෙය සමන්විත වේ.

 
Oort cloud
 
Kuiper belt කලාපයයට වඩා ඈතින් පිහිටන අතර සූර්යයා  වටා වට දහස් ගණනක් ඈතින් ද මෙය පිහිටයි.දැනට විද්‍යාඥයන් අනුමාන කර ඇති ආකාරයට අයිස් වලින් සමන්විත ඉතා කුඩා ආකාශ වස්තුන් දහස් ගණනකගෙන් Oort cloud හී පැවැත්ම රඳා පවතියි. Oort cloud සෞරග්‍රහ මණ්ඩලයේ අග කෙලවරෙහි පවතී.




සෞරග්‍රහ මණ්ඩලය ගැන සිත් ඇදගන්න කරුණු කීපයක්

1. Uranus සහ Neptune යන ග්‍රහයන් වතුර, මීතේන් සහ ඇමෝනියා වායු වලින් පිරී ඇති නිසා අයිස් යෝධයන්" ලෙස හදුන්වනු ලැබේ.
2. ක්ෂීර පථයේ තාරකා බිලියන 200ක් පමණ ඇති බවට විද්‍යාඥයන් අනුමාන කරයි.
3. Pluto මුලින් සම්පූර්ණ ග්‍රහලෝකයක් බවට සැලකුනත් පසුව 2006 දී නැවතත් Dwarf planet (නොවැඩුණු ග්‍රහලෝකයක් ) ලෙස නම් කරන ලදී.
4. සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.85% ක්ම සූර්යයාගෙන් පිරී ඇති අතර අනෙකුත් සියලුම ග්‍රහාංශ කලාප, කුඩා ග්‍රහලෝක සහ සඳ ආදී වන සියලුම ආකාශ වස්තුන්ගෙන් සෞරග්‍රහ මණ්ඩලය පුරවාලන්නේ 0.15% වැනි කුඩා ප්‍රමාණයක් පමණි.
5. සියලුම ග්‍රහයින් සූර්යයා වටා වාමාවර්තව ගමන් කරයි.
6. සෞරග්‍රහ මණ්ඩලය හා පරසක්වලය ගැන පර්යේෂණ කරනා විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් හෝ නක්ෂත්‍ර විද්‍යාඥයින් ලෙස හදුන්වනු ලැබේ.

Reference : http://www.ducksters.com


10 comments:

  1. කදිමයි. හුඟක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියන්ති . අපේ අරමුණත් වටිනා වැදගත් දේවල් ගැන කෙටියෙන් හෝ දැනුමක් අන් අයට ලබාදීමයි.

      Delete
  2. priyanthi mewath danne nadda ... school gihin na wage wassakatawath

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඇවිත් බැලුවට. අපි හැමෝම නොදන්නා දේවල් ගොඩක් තියෙනවා. ඒකෙ වැරද්දක් නැහැ

      Delete
  3. සේරමවගේ දේවල් කදිමට සංක්ෂිප්ත කරල තියනව.

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා දැනුමක් අපිත් එක්ක share කරගත්තට.

    ReplyDelete
  5. ප්ලූටෝ ග්‍රහයා නොවැඩුනු ග්‍රහලොවක් ලෙස සැලකුවත් එය සූර්ය ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝකයක් ලෙස ගනන් නොගැනීමට හේතුව තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද. මම අදහස් කළේ නොවැඩුනු ග්‍රයෙකුගේ හා සාමාන්‍ය ග්‍රහ වස්තුවක වෙනසත් විශේෂත්වයත් කුමක්ද කියන එක.

    ReplyDelete
    Replies
    1. ග්‍රහලෝකයක් එහි පවතින බලවත් ගුරුත්වාකර්ෂණ බලය නිසා අවට පවතින කුඩා ග්‍රහවස්තු එය වෙත ඇද ගැනීම හෝ එයින් විකර්ෂණය කරනවා. එම නිසා ග්‍රහලොව එයටම අවේනික, අනෙකුත් ග්‍රහවස්තුවල බල පෑමෙන් තොර කක්ෂයක ගමන් ගන්නවා. නොවැඩුණු ග්‍රහලෝකය පවතින දුර්වල ගුරුත්වාකර්ෂණය නිසා මෙම හැකියාව එයට නැහැ

      https://www.quora.com/What-are-the-differences-between-planets-dwarf-planets-and-asteroids

      http://www.space.com/15216-dwarf-planets-facts-solar-system-sdcmp.html

      Delete